Header Ads Widget

Arduino Basics 1

 

මොකක්ද මේ Arduino කියන්නේ...

Arduino යනු පහසුවෙන් භාවිතා කළ හැකි දෘඩාංග හා මෘදුකාංග මත පදනම් වූ විවෘත මූලාශ්‍ර(Open Source)ඉලෙක්ට්‍රොනික Platform එකකි. Arduino පුවරු වලට ආදාන කියවීම සහ සැකසුම් මත ප්‍රතිදානයක් ලබා දීම​ – මෝටරයක්​​සක්‍රිය කිරීම, LED එකක් සක්‍රිය කිරීම, අන්තර්ජාලය හරහා යමක් ප්‍රකාශයට පත් කිරීම වැ නි දේවල් කරන්න පුලුවන්. පුවරුවේ ඇති Microcontroller වෙත උපදෙස් මාලාවක් යැවීමෙන් කුමක් කළ යුතු දැයි ඔබේ Arduino පුවරු වට​ පැවසිය හැකිය. එසේ කිරීම සඳහා Arduino ක්‍රමලේඛන භාෂාව සහ Arduino මෘදුකාංගය (IDE) භාවිතා කිරීමට අප දැන ගත යුතු වේ.
වසර ගණනාවක් පුරා Arduino තාක්‍ෂණය විවිධ තාක්‍ෂණික උපකරණ නිර්මාණය සඳහා යොදාගෙන ඇත​.
ARDUINO ව්‍යාපෘතිය 2005 දී ආරම්භ කරන ලද්දේ ඉතාලියේ  Ivrea Interaction Design Institute ආයතනයේ සිසුන් සඳහා වූ වැඩසටහනක් ලෙසය. මෙම ව්‍යාපෘතියේ ආරම්භකයින් කිහිප දෙනෙකු හමුවීමට Arduin of Ivrea බාර් එක භාවිතා කරන ලදී. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සදහා නමක් ලෙස ARDUINO යන නම භාවිත විය​.
සියලුම Arduino පුවරු සම්පූර්ණයෙන්ම විවෘත මූලාශ්‍රයක්(Open Source) වන අතර ඒවා  අපට අවශ්‍ය පරිදි ගොඩනඟා ගැනීමට ද​ Arduino නිර්මාපකයින් අවසර ලබා දී ඇත​.Arduino මෘදුකාංගය ද විවෘත මූලාශ්‍රයක් වේ.
Arduino මෘදුකාංගය Mac,Windows,LINUX යන ඕනෑම මෙහෙයුම් පද්ධතියක භාවිත කළ හැක​. රොබෝ තාක්‍ෂණය​, ක්‍රමලේඛනය සහ තවත් බොහෝ අංශ සඳහා මෙය භාවිතා කරනු ලැබේ.
ARDUINO පුවරු වර්ග ගණනාවක් ඇත​.


Eg:-
1) ARDUINO UNO
2) ARDUINO MEGA
3) ARDUINO NANO


ඉහත කී ARDUINO Boards අතුරින් ආධුනිකයෙකු සදහා සුදුසු වන්නෙ ARDUINO UNO Board එකයි.
මෙම ලිපිය කියවන ඔබ Arduino සඳහා ආධුනිකයෙකු නම් වඩාත්ම සුදුසු වන්නේ Arduino Starter Kit 1ක් මිලදී ගැනීමයි. ඒ සඳහා ඔබට Ali Express ,E bay වැනි වෙබ් අඩවියක් හරහා මිලදී ගත හැකි අතර නැතහොත් ලංකාවෙ ඉලෙක්ට්‍රොනික් වෙළඳ සැලකින් මිලදී ගත හැක​.



Arduino UNO

https://www.arduino.cc/en/Main/ArduinoBoardUnoSMD


Download this PDF(මෙම ලිපිය භාගත කරගන්න මේ සබැදියෙන්)-

Post a Comment

0 Comments