Header Ads Widget

Arduino Basics 2

 Arduino Boards

(Arduino Original Board) 


මේ තියෙන්නේ Arduino UNO Board එකක්.මේක Arduino සමාගම විසින්ම නිෂ්පාදනය කළ Board එකක්.මේකෙ මිල නම් තරමක් ගනන් වැඩියි කියලා ඔයාලට දැනෙයි.සාමන්‍යයෙන් මෙහි මිල ලංකාවේ මුදලින් රුපියල් 2500ක් පමණ වෙනවා.ඊට හේතුව තමයි, අපි මිලදී ගන්නා සෑම Arduino Board එකකින්ම මුදලින් කොටසක් Arduino තාක්‍ෂණය වැඩි දියුනු කිරීමට යොදා ගැනීමයි.



(වෙනත් සමාගම්වලින් නිෂ්පාදනය කරන Board එකක්)


ඔබට අවශ්‍ය නම් Arduino සමාගමෙන් නිෂ්පාදනය කරන Arduino Board එකක් වෙනුවට වෙනත් සමාගම්වලින් නිෂ්පාදනය කරන Board එකක් මිලදී ගත හැකියි.ඒවයේ මිල Original Arduino Board එකට වඩා බාෙහෝ සෙයින් අඩුයි. 


ඔයාලට පේනවා ඇති මේ Arduino Boards දෙක අතර ලොකු වෙනස්කමක් තියනවා. ඒ වුනාට මේ Arduino Boards දෙකම ඔබට එක වගේම පාවිච්චි කරන්න පුළුවන්.මේ දෙකේ Hardware වෙනස් වුණාට මේ Arduino Boards දෙකම වැඩ කරන්නේ එකම විදිහටයි.




ඔයාලට පේනවා ඇති 0 සිට 13 දක්වා digital pins 14ක් තියෙනවා.ඒ වගේම A0 සිට A5 දක්වා analog inputs ලබා ගත හැකි pins 6ක් තියෙනවා. සමහර ඒවා ඉස්සරහා  ~ මෙවැනි ලකුණක් තියෙනවා. ඒවා pwm pins ලෙස හඳුන්වනවා. මේවායින් සිදු කරන කාර්ය පිළිබඳව පසුව සාකඡ්චා කරමු.


මෙයට 5v සිට 20v දක්වා ලබා දිය හැකි නමුත් 6v සිට 12v දක්වා ලබා දීම වඩාත් සුදුසුයි. ඔබට power jack එක හරහා හෝ usb jack එක හරහා හෝ power pins හි ඇති vin එකට batteryහි + අග්‍රයත් gnd එකට batteryහි – අග්‍රයත් ලබා දී බල ගැන්විය හැක




(මේ UNO board එකක cable එකකි) 


ඉහතින් ඇත්තේ Arduino පුවරුව ඔබගේ පරිගණකය සමග සම්බන්ධ කළ හැකි USB Connector එකයි. ඉන්පසු ඔබට කැමති program එකක් පුවරුවට upload කළ හැක.


තවත් Arduino Board කිහිපයක් 

Arduino nano

















Arduino Pro mini

















Arduino Mega 

















Arduino DUE

















Arduino Lilypad
























Arduino Yun

Download this PDF(මෙම ලිපිය භාගත කරගන්න මේ සබැදියෙන්)-https://drive.google.com/file/d/13VG22W2GSUs-S807Db5CkUNMwIzbUNjg/view?usp=sharing


Post a Comment

0 Comments