Header Ads Widget

Python Introduction

 Python Programming Tutorial 01


Python කියන්නේ මොකක්ද?

Python කියන්නේ වර්තමානයේ ජනප්‍රියම object oriented programming language එකක්. Python programming language එක programming මුලින්ම ඉගෙන ගන්න කෙනෙක්ට වගේම programming පිළිබදව උනන්දුවක් දක්වන ඕනෙම කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන programming language එකකි.

Python වල ආරම්භය.

Python පිළිබඳ මුලින්ම අදහසක් ඇති වෙන්නෙ 1980 ගනන් වලය.
1989 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී Guido van Rossum මහතා විසින් නෙදර්ලන්තයේ Centrum Wiskunde & Informatica හිදී python ආරම්භය සනිටුහන් කරනව.

Python 2.0 නිකුත්කලේ 2000 වසරේ ඔක්තෝබර් 16 වනදාය. එහි Cycle detecting garbage collector හා Unicode සඳහාද පහසුකම් ඇතුළු නව අංග රැසක් අන්තර්ගත කර තිබුණි.

Python 3.0 (Python 3000,py3k) සංස්කරණය නිකුත්කලේ විශාල කාලයක් තුල සිදුකල අත්හදා බැලීම් වලින් අනතුරුව 2008 දෙසැම්බර් 3වනදාය. එය නිකුත්කලේ පෙර සංස්කරණ වන 2.6 හා 2.7 සමඟද ක්‍රියාත්මකවන අයුරින්ය.

එය TIOBE වසරේ ක්‍රමලේඛන භාෂාව ලෙස 2006 හා 2010 වර්ෂ වලදී දෙවරක් සම්මාන ලබාගත්තා. එය ලබාදීමට එම වසර වලදී හේතුවූයේ python වල ජනප්‍රියත්වයේ වර්ධනය නිසාය.

Python වල භාවිතය.

Python scripting language එකක් ලෙස web browser සඳහා බොහෝවිට භාවිතා කරනවා. Django, Pylons, TurboGears, web2py, Flask සහ Zope වැනි වෙබ් යෙදුම් මුහුණත්හි සංකීර්ණ යෙදුම්වල
නිර්මාණය හා නඩත්තුව සඳහා python යොදාගන්නවා. මෘදුකාංග නිශ්පාදන ගණනාවක එනම් පරිමිත අංග ක්‍රමයේ මෘදුකාංග එනම් abacas සහ ත්‍රිමාණ සජීවීකරණ පැකේජ එනම් Houdini,Maya,Motionbuilder,Softimage,Cinema 4D,Blender,GIMP,Inkspace වල python scripting language එකක් ලෙස සාර්ථකව භාවිතකරනවා.





Python Downloading.

පහසුවෙන්ම Python Software Foundation වෙබ් අඩවියට පිවිසීමෙන් python download කරගන්න පුළුවන්.

link -: https://www.python.org/downloads/


Python programming කිර්‍රීමට අපට IDE(Integrated development environment) එකක් අවශ්‍යයි. එයට python download කර install කරාම ලැබෙන IDLE එක භාවිතා කල හැක. නමුත් පහසුව සදහා වෙනත් IDE භාවිතා කල හැක.Pycharm යනු එවැනි IDE එකකි.පහත ලින්කුවෙන් ගොස් එම IDE එක download කරගන්න.

Post a Comment

0 Comments