Header Ads Widget

HTML Basics 01

 HTML සිංහලෙන් පාඩම 1 - හැඳින්වීම 


මොකක්ද මේ HTML කියන්නේ?

අපි අන්තර්ජාලයේ සැරි සරද්දි අපි පිවිසෙන බොහො වෙබ් අඩවි, ඔබට සරලව Word Processing මෘදුකාංගයක් භාවිතා කොට තැනිය හැකි යැයි සිතුනාද? මේ පහල උදාහරණය ගැන පොඩ්ඩක් විමසිලිමත් වෙන්නකෝ.






හරිම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නේද? ඒත් එසේ සාදාගත් ලිපි අන්තර්ජාලයට එක් කිරීමේදී ගැටලු පැන නැගෙනව. හරියට ඔබ MS Word වලින් සදාගත් ලිපියක් Notepad එකෙන් විවෘත්ත කරන්න ගියොත් වෙන දේ වගේ.








මේ වගේ තවත් ගැටළු කිහිපයක්ම නිසා අන්තර්ජාලයට සම්බන්ද කරනු ලබන ලිපි සදහා විශේෂ වූ පොදු සම්මත ක්‍රමයක් අවශ්‍ය වුනා, එවිට ඒවා web browsers මගින් ඉක්මනින්ම කියවාගත හැකි වෙනවා. (පොදු ක්‍රමයක් භාවිතා වන නිසා). W3C නැමැති සිංවිධානය මේ සදහා මුල් වෙලා කටයුතු කරා. මේ අවශ්‍යතා සදහා ඇති වුන පොදු සම්මත ලේඛණ භාෂාව තමයි HTML (Hyper Text Markup Language) ලෙස හඳුන් වන්නේ. තවත් වැදගත් දෙයක් තමයි මේ භාෂාව programming language එකක් නොව Markup language එකක් වීමය. මේ නිසා markup tags භාවිතා කොට මේ වෙබ් පිටු සකස් කරනු ලබයි. සරලව කියනවා නම් මේ tags වලින් කරන්නේ වෙබ් පිටුවේ අන්තර්ගතය දිස් වෙන්න ඕන ආකාරය web browser එකට පැහැදිළි කර දීමයි.

Download this PDF(මෙම ලිපිය භාගත කරගන්න මේ සබැදියෙන්)-https://drive.google.com/file/d/1nHZKCOux4ZO3vQnnqUMqEAfbvY9i__Hb/view?usp=sharing

Post a Comment

0 Comments